අංක 60 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය

අංක 60 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය 2019 ජූනි මස 10 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ඇස්ට‍්‍රා ශාලාවේදී පැවැත්විණි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එල්ආර් ජයවීර  ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. තවද මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා යුධ හමුදාවේ සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ නිළධාරීහු  පිරිසක්ද සහභාගී වූහ.
 
මෙම පාඨමාලාව සති 11 ක් පුරාවට පැවැත්වුනු අතර නිලධාරීන් 27 දෙනෙකු විසින් මෙම පාඨමාලාව හදාරන ලදී. ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ නිළධාරීන් 02 සහ බංග්ලාදේශ, පාකිස්තාන සහ  ඉන්දියන්  ගුවන් හමුදාවන්හි නිළධාරියෙකු බැගින් මෙම පාඨමාලාව සදහා සහභාගී වී සිටියහ.

කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව කැලණිය විශ්ව විද්‍යාලයේ අනුමත කර ඇති අතර අවශ්‍ය සුදුසුකම් සපුරාලන නිළධාරීන් හට ආරක්ෂක කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද ලබා දීමට නියමිතය.

එදින රාත‍්‍රී පැවැත්වූ සුහද සාදය සඳහාද පාඨමාලාවේ උපාධි ලාභීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

උපාධි ප‍්‍රදානෝත්සවයේදී විශේෂ සම්මාන ලබාගත් නිලධාරීන්ගේ නාම ලේඛණය ඉංගී‍්‍රසි පරිවර්ථනයේ බලන්න.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.