මොරවැව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා මොරවැව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2019 ජූනි මස 27 වන දින සිදු කරන ලදී.

කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එච්එම්ටී නන්දක කුමාර  විසින් අණදුන් මොරවැව ගුවන් හමුදා කඳවුරේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට පවත්වන ලද ගුවන් හමුදාධිපති පරීක්‍ෂණ පෙළපාලිය ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී.

මෙවර කඳවුරු පරීක්‍ෂණයේදී සැරයන් පේ‍්‍රමකුමාර (මෙහෙයුම් භූමි) සහ නායක ගුවන් භට විජේරත්න එම්එස් (මෙහෙයුම් භූමි) විසින් සිදු කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කරන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් අළුතින් ඉදිකරන ලද කඳුවරු ආරක්‍ෂක මැදිරියේ අමුත්තන්ගේ කාමරය ඇතුළු කඳවුරේ සියළුම ස්ථාන නිරීක්‍ෂණය කළේය.  එසේම මෙහිදී, කඳවුරේ අළුතින් ඉදිකරන ලද බලලත් නිළධාරී සහ සැරයන්වරුන්ගේ නිවස්නයේ නිවාඩු නිකේතනයද ගුවන් හමුදාධිපතිතුමන් විසින් කලේය. එසේම ගුවන් හමුදාධිපතිතුමන් විසින් හදබිම අධීකාරියේ සහයෝගීත්වයෙන් ක‍්‍රියාත්මක කඳවුරු පළතුරු වගා කිරීමේ ව්‍යාපෘතියේ පළමු පළතුරු පැළය සිටුවීමද සිදුකළේය.

කඳවුරු පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂණය සඳහා කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශිෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන් අමතා ස්තුතිය පුද කර සිිටින ලදී. සම්ප‍්‍රදායිකව පවත්වනු ලබන සියළු නිළයන්ගේ දිවා භෝජනයෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය අවසන් කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.