ගුවන් හමුදාව තවත් ආධුනිකයින් හාරසිය අසූ දෙදෙනෙකුගෙන් ශක්තිමත් වෙයි

ගුවන් හමුදා සේනා ශක්තිය තවත් ඉහල නංවමින් 2010 ජනවාරි මස 08 වන දින අංක 141 නිත්‍ය/ 99 ස්වේච්ඡා පාඨමාලාවන්හි ආධුනික ගුවන් භටයින් සහ අංක 06 වෘත්තීමය ගුවන් භට පාඨමාලාව යන පාඨමාලාවන්හි ආධුනික ගුවන් භටයින් 482ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අම්පාර කඳවුරේදී විසිර ගියහ.

විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු රනිල් ගුරුසිංහය.

සති 17ක දුෂ්කර පුහුණුවකින් සමන්විත මෙම පාඨමාලාව සරඹ, අවිපුහුඛුව, යුධ උපක්‍රම, ක්ෂේත්‍ර පුහුණුව , සිතියම් කියවීම, ගිණි නිවාරණය, පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යනයන්, මානව හිමිකම් පිළිබඳ අධ්‍යනයන්, ක්ෂේත්‍ර ප්‍රථමාධාර පුහුණුව ආදී නොයෙකුත් අංගයන්ගෙන් ශක්තිමත් විය.  මෙම විසිරයාමේ පෙළපාලියේ අණදෙන  නිළධාරී ලෙස පුහුණු පක්ශාංගයේ නිළධාරී අණදෙන බලඝණ නායක නිශාන්ත ප්‍රියදර්ශන අණ දුන් අතර පෙළපාලියේ පාලන නිළධාරී ලෙස නියමු නිළධාරී ප්‍රසන්න සහ පෙළපාලියේ බලලත් නිළධාරී ලෙස බලපන්ති සැරයන් රාජරත්න කටයුතු කරන ලදී.

මෙම විසිර යාමේ පෙළපාලිය නැරඹීම සඳහා අති විශාල ජනකායක් දිවයිනේ නන් දෙසින් පැමිණ සිටි අතර විසිර ගිය ගුවන් භටයින් ඉදිරිපත් කරනලද ප්‍රහාරක සංදර්ශණය මෙහි පැමිණ සිටි කාගේත් සතුටට මෙන්ම විමතියටද හේතු විය.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.