ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 26 වන සංවත්සරය සමරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර, 2010 නොවැම්බර් මස 16 වන දින තම 26 වන සංවත්සරය සමරන ලදී.

රාජකීය නාවික ගුවන් කදවුරක් ලෙස කපිතාන් ජී.ඒ රොදර්හැම් යටතේ 1943 දී ඇරඹි මෙම කදවුර 2වන ලෝක යුධ සමයේදී ඉමහත් කාර්‍යභාරයක් සිදුකොට ඇත.

පසුව මෙය නිළධාරීන් 300 ක් හා සෙසු නිලයන් 3000 කින් සමන්විත විශාල කදවුරක් බවට පත් වූ අතර අතිරේක ගුවන් යානා සහ ගුවන් භටයින් ස්ථානගත කල කදවුරක් බවටද පත් විය.

පසුව 1984 නොවැම්බර් මස 16 වන දින මුදල් හා ක්‍රම සම්පාදන ඇමති
ගරු රොනීද මෙල් මහතා අතින් විවෘත ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරක් බවට පරිවර්තනය කරන ලදී.

වර්ථමානයේ සියලු පහසුකම් වලින් සපිරි කදවුරක් බවට පත්ව ඇති අතර ගුවන් පුහුණු පාසැල් 3ක්  පවත්වාගෙන යාමට කටයුතු සලසා ඇත.

26 වන සංවත්සරය සනිටුහන් කරමින් කදවුරු අණදෙන නිළධාරී බලඝණ නායක චින්තක හේරත්, අනුදැනුම මත කළුතර ගල්පාත ළමා නිවාසයක්ට පරිත්‍යාග කිහිප
ක් සිදු කල අතර සංවත්සර පෙලපාළියක්, පැල සිටුවීමේ ව්‍යාපාරයක් සහ ක්‍රීඩා අංගයන්ගෙන් සමන්විත දිනයක් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.