ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහල කොළඹ සිය පස්වන සංවත්සරය සමරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහල කොළඹ සිය පස්වන සංවත්සරය ජූනි මස 01 දින රෝහල් පරිශ‍්‍රයේදී සමරණ ලදී. එහිදී සංවත්සරික පෙළපාලිය අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් පිඒවි පද්මපෙරුම විසින් පරික්ෂාකල අතර ඉන් අනතුරුව අණදෙන නිලධාරී රැස්ව සිටි පිරිස ඇමතීය.

තවද මෙම සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ කදවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ සමාජ සේවා කටයුතුවලට ප්‍රමුඛත්වය ලබා දීම වෙනුවෙන් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2019 ජුනි 27 වන දින කොළඹ කදවුරේ රයිෆල් ග‍්‍රීන් පිටියේදී ජාතික රුධිර බැංකුව සමඟ එක්ව රුධිර පරිත්‍යාග කිරීමේ ව්‍යාපාරයක් පවත්වන ලදී.

මීට අමතරව රෝහලේ රෝහලේ සියළු නිළධාරින් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහතුන් ගේ  සහභාගිත්වයෙන් 2019 ජූනි මස 29 වන දින බෙරුල්ල එම්එච් මොහොමඩ් ක‍්‍රීඩාංගනයේදී සුහද පාපන්දු තරගයක් සහ එල්ලේ තරගයක් පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.