දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන් සදහා ආදේශන කණ්ඩායම් පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව යටතේ දකුණු සුඩානෙයේ ස්ථාපිත කොට ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ රාජකාරීන් සඳහා තුන්වන ගුවන් හමුදා ආදේශන කණ්ඩායම් දිවයිනෙන් පිටත්ව යන ලදී.

වින්ග් කමාන්ඩර් සේනක කුලතුංගගේ නායකත්වයෙන් යුත් 102 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් 2019 ජූලි 2වන දින පිටත්ව ගියහ.

දකුණු සුඩානයේ දැනට රාජකාරියේ නියුතු භට පිරිස් 2019 ජූලි 2වන දින රාත්‍රියේ නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.