ගුවන් හමුදා පංචප‍්‍රයාම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 2019 ආසියානු කුසලානයේදී සිය දස්කම් දක්වයි

ශ‍්‍රී ලංකා නවීන පංචප‍්‍රයාම කණ්ඩායම කසකස්ථානයේ බුරාබේ හිදී පැවැත්වෙන 2019 ආසියානු කුසලාන  තරඟාවළියට සහභාගී වෙයි. එහිදී  ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ගුවන් හමුදා ක‍්‍රීඩක කෝප‍්‍රල් නිලවීර එච්පීජීඒඑස් සහ නායක ගුවන් කාන්තා දසනායක එල්කේජීකේකේ විසින කේවල ද්වි ප‍්‍රයාම, කේවල තුන් ප‍්‍රයාම සහ මිශ‍්‍ර සහය ඉසව් සඳහා තරඟ වදිමින් පදක්කම් දිනා ගන්නා ලදී.

මෙම තරඟාවළිය සඳහා රුසියාව, ඉන්දියාව සහ කසකස්ථානය ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සහභාගී විය. තරඟාවළීයේදී රන්,රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත් ගුවන් හමුදා ක‍්‍රීඩකක‍්‍රීඩිකාවන් ඊයේ සවස දිවයිනට ලඟාවිය.


රන් පදක්කම් :
කාන්තා කේවල ද්වි ප‍්‍රයාම නායකගුවන් කාන්තා දසනායක එල්කේජීකේකේ

රිදී පදක්කම් :
පිරිමි කේවල තුන් ප‍්‍රයාම කෝප‍්‍රල් නිලවීර එච්පීජීඒඑස්

ලෝකඩ පදක්කම් :
පිරිමි කේවල ද්වි ප‍්‍රයාම කෝප‍්‍රල් නිලවීර එච්පීජීඒඑස්
මිශ‍්‍ර ද්වි ප‍්‍රයාම නායකගුවන් කාන්තා දසනායක එල්කේජීකේකේ
මිශ‍්‍ර තුන් ප‍්‍රයාම නායකගුවන් කාන්තා දසනායක එල්කේජීකේකේ සහ  කෝප‍්‍රල් නිලවීර එච්පීජීඒඑස්

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.