දකුනු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා තුන්වන බල ඇණිය යළි දිවයිනට

දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් බළඝනයේ  තුන්වන බල ඇණියේ භට කණ්ඩායම පසුගියදා යළි දිවයිනට ලඟා විය.

මෙම බලඇණියේ පළමු කණ්ඩායම ලෙස සාමාජිකයින් 86 නෙකු 2019 ජූල මස 03 වන දින දිවයිනට පැමිණියහ. විංග් කමාන්ඩර් යූඩීඑල්පී ගුණසිංහ මෙම බලඇණියේ මූලිකත්වය හොබවන ලදී.

මෙම බලඇණියේ දෙවන කණ්ඩායම වශයෙන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තව කිහිප දිනකින් දිවයිනට පැමිණිමට නියමිත වේ.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ එයාර් කොමඩෝර් ආයුබ් ජාබීර් ඇතුළු නිළධාරීන් සහ දිවයිනට පැමිණි ගුවන් හමුදා සාමාජිකයන්ගේ ඥාතීන් රැසක්ද ඔවුන් පිළිගැනීමට ගුවන් තොටුප පර්යන්තයට පැමින සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.