සුහද ජල පන්දු තරගාවලියේ ජය ශ්‍රී ලංකා ගුවන් හමුදා ජල පන්දු කණ්ඩායමට

බංගලාදේශ ගුවන් හමුදා ජල පන්දු කණ්ඩායමක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ජල පන්දු ක‍්‍රීඩකයින් සමඟ සුහද ජල පන්දු තරගාවලියකට සහභාගී විය.කණ්ඩායම් දෙක අතර සුහද තරඟ 3 ක් පැවැත් වු අතර  ශ්‍රී ලංකා ගුවන් හමුදා ජල පන්දු කණ්ඩායම තරඟාවලියේ සමස්ත ශූරතාවය දිනා ගත්තේය.

රත්මලාන ගුවන් හමුදා පිහිණුම් තටාකයේ 2019 ජූලි මස 03 වන දින කණ්ඩායම් දෙක අතර පළමු හා දෙවන තරග දෙක පැවති අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම 26-5 හා 30-8 ලෙස එම තරග ජය ගන්නා ලදී.

අවසාන තරගය 2019 ජූලි 5 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී පැවති අතර එම තරගයද ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම 25-11 ලෙස ජය ගන්නා ලදී.එම අවශ්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරන මහතා සහභාගී විය.මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් නිලධාරීන් සහ අනෙකුත් නිලයන් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.