ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි තරඟාවළිය 2019

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි අවසන් මහා තරඟය 2019 ජූලි මස 11 ඒකල ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේදී පවත්වන ලදී. එහිදී කටුනායක මූලික ගුවන් හමුදා කදවුර පිරිමි අංශයේ ශූරතාවයටත් ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව කාන්තා අංශයේ ශූරතාවයටත් හිමිකම් කියන්නට සමත්විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඔ ගුවන් හමුදා කදවුර හා වෘත්තීය පුහුණු පාසල ඒකළ පිරිමි හා කාන්තා අංශයන්හී අනු ශූරතාවය හිමිකරගන්නා ලදී.

මෙම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් පීඩීකේටී ජයසිංහ මහතා සහභාගී වු අතර ගුවන් හමුදා කබඩි සංගමයේ සභාපති සහ ගුවන් හමුදා ගුවන් යානා ඉංජිෙන්රු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම් ඩී  රත්නායක ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිලයන් රැසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

තරඟාවලියේ විශේෂ සම්මානලාභීන් පහත දැක්වේ.

තරඟාවළියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා -ගුභ බංඩාර ඊඑම්ඒජීඑන්ආර්පීඊ - කටුනායක මූලික ගුවන් හමුදා කදවුර
තරඟාවළියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව -ගුභ රණසිංහ ආර්එම්එම්කේ - ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.