අංක 07 සහ 09 බළඝණ මියගිය රණවිරුවන් සිහිකරමින් පිංකම් මාලාවක් සිදුකරයි

යුද්ධයේදී මියගිය රණවිරුවන් සිහිකරමින් හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 07 සහ අංක 09 බළඝණයන්හි සේවයේ නියුතු සියලු සාමාජිකයින් එක්ව පිංකම් මාලාවක් සිදු කරන ලදී.

හතමුන මුස්ලිම් පල්ලියේ දී ඔක්තෝම්බර් මස 30 වන දින මුස්ලිම් ආගමික කටයුතු සිදු කල අතර නොවැම්බර් මස 13 දින හිගුරක්ගොඩ කතෝලික පල්ලියේදී කතෝලික දේව මෙහෙය සිදු කරමින් තම බළඝණය, කඳවුර සහ ශ්‍රී ලංකාවේ එකීයත්වය වෙනුවෙන් දිවි දුන් රණවිරුවන් අනුස්මරණය කරන ලදී.

බළඝණයේ සේවයේ නියුතු සියළු සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ මියගිය රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයින් හා එක්ව නොවැම්බර් මස 13 වන දින සර්වරාත්‍රික පිරිත් පිංකමක් සහ පසුදා දහවල් සංඝගත දක්ෂිණාවක් සිදුකරමින් මියගිය විරුවන් අනුස්මරණය කරන ලදී.
 

කතෝලික දේව මෙහෙය



මුස්ලිම් ආගමික වතාවත්



පිරිත් පිංකම



සංඝගත දක්ෂිණාව


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.