ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය කටුනායක ගුවන් හමුදා කඳවුර - පළමු සැසිය

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය (පළමු සැසිය) 2019 ජූලි මස 18 වන දින පවත්වන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමර්ඩෝ එච්එස්එස් තුයියාකොන්තා විසින් අණදෙනු ලැබූ පෙළපාලිය ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී. බලලත් නිළධාරීන් 03 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ අණ නොලත් නිළධාරීන් 20, දෙනෙකු කණිෂ්ඨ අණ නොලත් නිළධාරීන් 05, නායක ගුවන් භටයින් 02, සහ එක් සිවිල් සේවක මහත්මයෙකු හට ඔවුන් ඉටුකරන ලද කාර්යයන් වෙනුවෙන් ගුවන් හමුදාධිපති ඇගයීම් සහතික පිරිනමන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු කලාප අංක 1 නිරීක්‍ෂණය කරන ලද අතර කඳවුරේ අනෙකුත් කලාප 2019 ජූලි මස 19 වන දින නිරක්‍ෂණය කිරීමට නියමිතය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.