2019 අන්තර් ඒකක චෙස් ශූරතාවලිය චීනවරාය විද්‍යාපීඨයට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ප‍්‍රථම වරට සංවිධානය කරනු ලැබු 2019 අන්තර් ඒකක චෙස් ශූරතාවලිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව චීනවරාය විද්‍යාපීඨය විසින් දිනා ගත් අතර  ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකළ කදවුර අනුශූරතාවය දිනා ගන්නා ලදී.තරගාවලිය ජූලි මස 19 වන දින ගුවන් හමුදාව වෘත්තීය පුහුණු පාසල ඒකළ කදවුරේදී පවත්වන ලදී.

අන්තර් ඒකක චෙස් ශූරතාවලියේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය නියමු නිලධාරී එස්එස් වඩුගේ විසින් දිනාගන්නා ලදී.

අවසාන මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් එම්ඩී රත්නායක මහතා සහභාගී විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චෙස් සංගමයේ සභාපති ගෲප් කැප්ටන් ඒඑන් විජේසිරිවර්ධන, නිළධාරින් හා සෙසු නිලයන් රුසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.