ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මඩකලපුව ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරය අළුත්වැඩියාව සිදුකරයි

මඩකලපුව ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ශල්‍යාගාරය අළුත්වැඩියා කිරීම සහ වැඩිදියුණු කොට පිරිසිදු ශල්‍යාගාරයක් බවට පත්කිරීම මඩකලපුව ගුවන් හමුදා කඳවුර මගින් සිදුකරන ලදී. මෙම ව්‍යාපෘතිය 2019 මැයි මස 14 වන දින ආරම්භ කරන ලද අතර ප‍්‍රතිසන්ධාන යාන්ත‍්‍රණය සම්බන්ධීකරන ලේකම් කාර්යාලාය මගින් අරමුදල් ලබාදෙන ලදී.

අළුත්වැඩියා කරන ලද ශල්‍යාගාරය නැවත රෝහල වෙත භාරදීමේ උත්සවය ප‍්‍රතිසන්ධාන යාන්ත‍්‍රණය සම්බන්ධීකරන ලේකම් කාර්යාලයේ ප‍්‍රධානී සන්ධ්‍යා විජේබණ්ඩාර මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් 2019 ජූලි මස 26 වන දින පවත්වන ලදී.

ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂක ඇතුළු කාර්ය මණ්ඩලය, මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ඇතුළු සියළු නිලයන් නියෝජනය කරමින් සේවා පුද්ගලයින් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.