එක්සත් ජාතීන්ගේ බලකා අණදෙන නිළධාරී දකුණු සුඩානයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් ඒකකයේ සංචාරයක

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දකණු සුඩානයේ බලකා අණදෙන නිළධාරී ලුතිනන් ජෙනරාල් ශයිලේෂ් සඩාෂිව් තිනයිකර් (ඉන්දියානු) මහතා තම කණ්ඩායම සමග 2019 ජූලි මස 26 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් ඒකකයේ සංචාරයක නිරත විය. මෙම කණ්ඩායම සඳහා ක්ෂේත්‍ර කාර්යාල ප්‍රධානී දෙබොරා මහත්මිය, අංශ අණදෙන නිලධාරී - (නැගෙනහිර) බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් ජහංගීර් අලාම්,  ක්ෂේත්‍ර පරිපාලන නිලධාරී ලිබන් හාජි මහතා, ඉන්දියන්, කොරියන්, නේපාල් ,ඉතියෝපියානු බලඝන අණදෙන නිළධාරීන් හා ශ‍්‍රී මෙඩ් ලෙව් ii රෝහලෙහි අණදෙන නිළධාරී තුමන්ද මෙම අවස්ථාවට එක්විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් කේ එම් එස් පී බී කුලතුංග විසින් මෙම කණ්ඩායම පිළිගන්නා ලදී. නිළධාරී අණදෙන මෙහෙයුම් විසින් සිදු කරන ලද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙපාර්ශවය අතර සුහද කථාබහක් සිදු කරන ලදී.

අනතුරුව  උදෑසන  භෝජන සංග‍්‍රහයකටද කණ්ඩායම සහභාගී වූ අතර ඉන් අනතුරුව දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.