මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීන් සඳහා පිටත්ව යන ශ‍්‍රි ලංකා ගුවන් හමුදා 05 වන බලඇණිය විසිර යයි

ඒකසත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ හෙලිකොප්ටර් බලඝණයට අනුයුක්තව මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාකාරීන්හි නිරත වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ රාජකාරීන් සඳහා පිටත්ව යන 05 වන බලඇණිය පසුගිය අගෝස්තු මස 05 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී විසිර යන ලදී.

නිළධාරීන් 18 දෙනෙකුගෙන් සහ ගුවන් භටයින් 92 දෙනෙකුගෙන් සමන්විත මෙම 05 වන බල ඇණිය 2019 සැප්තැම්බර් මස මධ්‍යම අප‍්‍රිකානු රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතය.

විසිර යාමේ පෙළපාලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහභාගී විය. මෙම බල ඇණියේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේඑම් වන්නිආරච්චි විසිර යාමේ පෙළපාලිය සඳහා අණ දීම සදු කරන ලදී.

මේ අවස්ථාවේදි පිරිස ඇමතු ගුවන් හමුදාපති තුමන් සාම සාධක රාකාරීන්හි නිරත වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් භටයින් විසින් කරනු ලබන විශිෂ්ට සේවය එක්සත් ජාතීන්ගේ මූලස්ථානය අගය කරන බව  සිය දේශනයේදී අවධාරණය කළේය.

ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය නිළධාරීන් සෙසු නිළයන් සහ බළ ඇණි සාමාජිකයින්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.