පලමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේදී ශූරතාවය ගුවන් හමුදාවේ කාන්තා ඒ කණ්ඩායමට

පසුගියදා අවසන් වූ පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාන්තා ඒ කණ්ඩායම ශූරතාවය හිමි කරගන්නා ලදී.තරගාවලියේ සියලු තරග ජයගත් ගුවන් හමුදා ඒ කණ්ඩායම යුද හමුදා බී කණ්ඩායම සමග තරගයේදී අයහපත් කාළගුන තත්වය මත තරගය නොපවත්වන ලදී.පිතිකරණ හා පන්දු යැවීමේ යන අංශ දෙකෙහිම පිතිකරණ හා පන්දු යැවීමේ යන අංශ දෙකෙහිම ක්‍රීඩකයින් විශිෂ්ට දස්කම් දැක්වීය.නායක ගුවන් කාන්තා යශෝධා මෙන්ඩිස් නායක ගුවන් කාන්තා චමරි පොල්ගම්පොළ සහ නායක ගුවන් කාන්තා ඩිලානි මනෝධරා පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වූ අතර නායක ගුවන් කාන්තා ඔිෂධී රණසිංහ සහ තාරැකා සෙහානි පන්දු යැවීමේදී දස්කම් දැක්වූහ.

පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ සිව්වන ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදා බී කණ්ඩායමට හිමි වු අතර නාවික හමුදා සහ ශ්‍රී ලංකා යුධ හමුදා ඒ කණ්ඩායම් වලට පිළිවෙලින් දෙවැනි හා තුන්වන ස්ථාන හිමිවිය.ගුවන් හමුදා බී කණ්ඩායම වෙනුවෙන් නායක ගුවන් කාන්තා මල්ෂා ෂෙහානි සහ නායක ගුවන් කාන්තා හර්ෂනි මධුවන්ති පන්දුවට පහරදීමේ දක්ෂතා දැක්වූ අතර නායක ගුවන් කාන්තා  රුචිනි සමරසිංහ සහ නායක ගුවන් කාන්තා චමිලා පීරිස් පන්දු යැවීමේදී දස්කම් දැක්වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.