ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා අභිප්‍රේරණ වැඩසටහනක් සංවිධානය කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාෙව් සේවා වනිතා ඒකකය එහි සභාපතිතුමියගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකළ කදවුරේ අණදෙන නිළධාරිතුමන් සමග එක් වී 2019/2020 වර්ෂයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාගයට පෙළඹවීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. සනත් ගමගේ මහතා විසින් ඊයේ 2019 අගෝස්තු 16 වන දින ඒකළ කදවුරේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී මෙම වැඩසටහන පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මිය සහභාගී විය.මෙම අවස්ථාවට නිලධාරීන් සේවා පුද්ගලයින්ගේ කලාත්‍රයන් හා දරුවන් සහභාගී වූහ.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.