අනුරාධපුර ගුවන් හමුදා මූලික කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී

එයාර් කොමඩෝර් එච්එන් අබේසිංහ මහතා විසින් අනුරාධපුර ගුවන් හමුදා මූලික කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ආර් පී ලියනගමගේ මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2019 අගෝස්තු මස 16 වන දින අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. මෙම පෙළපාලියට විංග් කමාන්ඩර් ඩබ්ඩබ්එන්ටීපී ප‍්‍රනාන්දු මහතා විසින් අණදුන් අතර කදවුරු අණදෙන නිළධාරී ධූරයේ යෂ්ටිය භාරදීම මගින් ධූරයේ රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරන ලදී.

එයාර් කොමඩෝර් එච්එන් අබේසිංහ මහතා 2017 ජනවාරි 10 වන දින අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ලෙස පත්විය. ගුවන් හමුදා මූලස්ථානයේ භූමි මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ධූරයේ වැඩභාරගැනීමට නියමිතය.

නව අණදෙන නිළධාරී ලෙස වැඩභාරගත් එයාර් කොමඩෝර් ආර් පී ලියනගමගේ  මහතා මීට පෙර රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත ලෙස සේවය කළේය. ඔහු එම් අයි 17, බෙල් 206 ජෙට් රේන්ජර්, බෙල් 212 සහ බෙල් 412 හෙලිකොප්ටර් යානාවල අත්දැකීම් බහුල හෙලිකොප්ටර් නියමුවෙකි.

පෙළපාළිය අවසානයේ සියලුම පිරිස් ඇමතූ හිටපු අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් එච්එන් අබේසිංහ මහතා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කළේය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.