ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලැබු ශිෂ්‍යත්ව ප‍්‍රධාන වැඩසටහන

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරිමේ වැඩසටහනක් අද දින (2019 අගෝස්තු මස 22) ගුවන් හමුදා මුලස්ථාන ශ‍්‍රවණාගාරයේදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම ශිෂ්‍යත්ව යෝජනා ක‍්‍රමය පරමාර්ථය වන්නේ දේශය වෙනුවෙන් දිවිපිදු මෙන්ම අබාධිත තත්වයට පත්වු ගුවන් හමුදා රණවිරුවන්ගේ, සක‍්‍රීය සේවා පුද්ගලයින්ගේ හා සිවිල් සේවක මහතුන්ගේ දරු දරියන් වෙත පහ ශ්‍රේණියේ සිට අධ්‍යන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය දක්වා අධ්‍යාපනය කටයුතු උදෙසා අවශ්‍ය උපකාරයන් ලබාදිම වන අතර මෙවර දරු දරියන් දෙසියක පමණ ප‍්‍රමාණයකින් දරු දරියන් 23 දෙනෙකු වෙත මෙම ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරන ලදී.

තවද, මෙහිදි 2018 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ -9 විශිෂ්ඨ සාමා්රථ ලැබු ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ දරු දරියන් එකොලොස් දෙනෙකුට ඔවුන්ගේ දක්ෂතා අගය කරමින් සේවා වනිතා ඒකකය මගින් මුල්‍යමය ත්‍යාගයන් ලබාදෙන ලදි.

මෙම උත්සවයේදි ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් ශිෂ්‍යත්ව ලාභි දරු දැරියන් වෙත ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා සුභාසිංශන පිරිනැමුඅතර. මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා නිළධාරින්, සේවා වනිතා ඒකකයේ සමාජිකාවන් ඇතුළු පිරිසක් සහ ශිෂ්‍යත්ව ලාභි දරු දැරියන්ගේ දෙමාපියන්ද සහභාගි වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.