2019 අන්තර් ඒකක බිලියඩ් සහ ස්නූකර් තරඟාවළියේ ජය අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට

අනුරාධපුර ගුවන් හමුදා කඳවුර විසින් කටුනායක ගුවන් හමුදා මූලස්ථාන කඳවුර පරදවා 2019 අන්තර් ඒකක බිලියඩ් සහ ස්නූකර් තරඟාවළියේ ශූරතාවය දිනාගැනීමට 2019 අගෝස්තු මස 23 වන දින සමත්කම් දක්වන ලදී. තරඟාවළිය කටුනායක ගුවන් හමුදා මූලක කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී පැවැත්විණි.

මෙහිදී පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ ස්කොඩ්රන් ලීඩර් එල්කේඑම්කේබී අලවල සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ නායක ගුවන් කාන්තා වීරසිංහ ඩබ්එම්එස්එච් විසින් පිළිවෙලින් පිරිමි සහ කාන්තා විවෘත අංශයේ ශූරතාවය දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් එච්එම්බී හේරත් මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා බිලියඩ් සහ ස්නූකර් සංචිත සභාපති ගෲප් කැප්ටන් පීඑස්එන් ප‍්‍රනාන්දු, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.