ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

දහසය දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් 2019 අගොස්තු මස 26 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

නියෝජිත පිරිසේ ප‍්‍රධානිය වශයෙන් මේජර් ජෙනරාල් උරම්කුමාරත් සුරේෂ් කුමාර් කටයුතු කරන ලදී

නියෝජිත පිරිසේ ප‍්‍රධානී මේජර් ජෙනරාල් උරම්කුමාරත් සුරේෂ් කුමාර් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවූ අතර දෙපාර්ශවය අතර සමරු ඵලක හවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂකයේ මාණ්ඩලික නිළධාරී 1  ගෲප් කැප්ටන් අසේල ජයසේකර විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසය, පශ්චාත් යුධ කාර්යභාරය සහ අභියෝග සම්බන්ධව දේශනයක් පවත්වන ලදී.ගුවන් හමුදා මාණ්ඩලික ප5ධාන එයාර් වයිස් මාර්ෂල් සුර්ශන පතිරණ, ගුවන් හමුදා අධ්‍යක්‍සක මණ්ඩලය සහ නිළධාරින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.