අන්තර් ඒකක ටයිකොන්ඩෝ ශූරතාවය 2018

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ටයිකොන්ඩෝ තරඟාවළිය පසුගිය 2019 අගා්ස්තු මස 28 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. එහිදී කොළඹ ගුවන් හමුදා කඳවුර සහ දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනා ගැනීමට සමත්කම් දක්වන ලදී.

එහි පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් පිළිවෙලින් කටුනායක ගුවන් හමුදා මූලික කඳවුර සහ එ්කල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් දිනා ගන්නා ලදී.

ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වියිස් මාර්ෂල් ඩබ්එම්කේඑස්පී වීරසිංහ මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා ටයිකොන්ඩෝ සංචිත සභාපති එයාර් වයිස් මාර්ෂල් එම්ආර්කේ සමරසිංහ, නිලධාරීන් සෙසු නිළයන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

විශේෂ කුසලාන
දක්‍ෂතම ක‍්‍රිඩකයා -  නායක ගුවන් භට ආරියරත්න එච්එම්එච්පී (කොළඹ ගුවන් හමුදා කඳවුර)
දක්‍ෂතම කාන්තා ක‍්‍රීඩිකාව - ගුවන් කාන්තා අබේනායක කේඑම්එස්එම් (කටුනායක ගුවන් හමුදා මූලික කඳවුර)

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.