ගුවන් හමුදාවෙන් හිඟුරක්ගොඩ බෝසත් ළමා නිවාසයේ ප‍්‍රජා සත්කාරක වැඩසටහනක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය,හිඟරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සමග එක්ව හිඟුරක්ගොඩ බෝසත් ළමා නිවාසයේ ප‍්‍රජා සත්කාරක වැඩසටහනක් ක‍්‍රීයාත්මක කරන ලදී.

මෙම වැඩසටහන ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මියගේ මග පෙන්වීම යටතේ චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමන්ගේ සහයෝගයෙන් යුතුව සංවිධානය කරන ලදී.

2019 අගෝස්තු මස 27 වන දින චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සේවා වනිතා ඒකකයේ සහයෝගයෙන් ළමා නිවාසයේ දැරියන් හට ත‍්‍රිකුණාමළයේ විනෝද චාරිකාවක් සංවිධානය කරන ලදී.

2019 අගෝස්තු මස 29 වන දින බෝසත් ළමා නිවාසය වෙත සංචාරය කරමින් දැරියන් වෙනුවෙන් වෛද්‍ය,දන්ත වෛද්‍ය සායන සහ අක්‍ෂි සායනයක් පවත්වන ලද අතර දැරියන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් විශේෂ පරිත්‍යාග රැසක් ප‍්‍රදානය කරන ලදී.

මෙම සමස්ථ වැඩසටහන හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය විසින් අධීක්‍ෂණය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.