"උදාරයි ඔබ" සංගීත ප්‍රසංගයේ මාධ්‍ය හමුව ආරක්ෂක අමාත්‍යාංශයේදී

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි සෝනියා කොට්ටෙගොඩ මහත්මිගේ ප‍්‍රධානත්වයෙන් "උදාරයි ඔබ" සංගීත ප්‍රසංගය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා වන මාධ්‍ය හමුවක් 2019 සැප්තැම්බර් 10 දින ආරක්ෂක අමාත්‍යාංශ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විනි. මෙම ප්‍රසංගයේ අරමුණ වනුයේ ත්‍රිවිධ හමුදාෙව් පොලීසිෙය් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා අරමුදල් රැස් කිරීමයි.

මෙම සාකච්ඡාව අමතමින් සභාපතිනිය, ආරක්ෂක අංශ විසින් ඉටු කරනු ලබන රාජකාරිවල වැදගත්කම විස්තර කළ අතර  "උදාරයි ඔබ" සංගීත ප්‍රසංගය මගින් උපයන අරමුදල් යුද වීරයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නංවාලීම සඳහා ගාල්ලල බූස්ස ප්‍රදේශයෙහි ඉදිවන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය  පිහිටුවීම සඳහා යොදවන බව පැහැදිලි කලේය. 2019 සැප්තැම්බර් මස 14 වන දින  නෙලුම් පොකුණ රඟහලේදී මෙම ප්‍රසංගය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප්‍රභාවි ඩයස් මහත්මිය, යුධ නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ප්‍රධානීන් ත්‍රිවිධ හමුදා පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා නියෝජිතයින්ල ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකයින් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ සාමාජිකයින්ද මෙම මාධ්‍ය හමුව සඳහා එක්ව සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.