කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
ගෲප් කැප්ටන් බීඒඑම්පී බාලසුරිය විසින් කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්ඩබ්ලියුආර් චන්දිම හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2019 සැප්තැම්බර් මස 10 වන දින කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.
ගෲප් කැප්ටන් බීඒඑම්පී බාලසුරිය 2014 මාර්තු මස 02 වන දින කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ලෙස පත්විය. ඔහු මත්තල ගුවන් හමුදා පහිනාංකයේ අණදෙන නිලධාරීවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.
නව අණදෙන නිළධාරී ලෙස වැඩභාරගත් ගෲප් කැප්ටන් එච්ඩබ්ලියුආර් චන්දිම මීට පෙර අම්පාර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරීවරයා වශයෙන් කටයුතු කරන ලදී.
මෙම පෙළපාලියට ස්කොඩ්රන් ලීඩර් ඩබ්ලිව්එල්අයි උදය කුමාර විසින් අණදුන් අතර කදවුරු අණදෙන නිළධාරී ධූරයේ යෂ්ටිය භාරදීම මගින් ධූරයේ රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරන ලදී.



