කොග්ගල ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී

ගෲප් කැප්ටන් එච් ටි එච් ධර්මදාස මහතා විසින් ඉරනමඩු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වී ජි ජි බි පියසිරි මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2019 සැප්තැම්බර් මස 16 වන දින කොග්ගල ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

මෙම පෙළපාලියට විංග් කමාන්ඩර් එන් වි සරත් විසින් අණදුන් අතර කදවුරු අණදෙන නිළධාරී ධූරයේ යෂ්ටිය භාරදීම මගින් ධූරයේ රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරන ලදී.

ගෲප් කැප්ටන් එච් ටි එච් ධර්මදාස මහතා 2017 ජනවාරි මස 18 වන දින කොග්ගල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ලෙස පත්විය. ඔහු ගුවන් මොරවැව ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරීවරයා ලෙස පැමිණිමට නියමිතයි.

නව අණදෙන නිළධාරී ලෙස වැඩභාරගත් වී ජි ජි බි පියසිරි මහතා මීට පෙර ගුවන් හමුදා ඒකළ කදවුරේ ගුවන් හමුදා මුද්‍රණ අංශය භාර නිළධාරීවරයා වශයෙන් කටයුතු කරන ලදී.

පෙළපාළිය අවසානයේ සියලුම පිරිස් ඇමතූ හිටපු අණදෙන ගෲප් කැප්ටන් එච් ටි එච් ධර්මදාස මහතා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහුට ලබා දුන් සහයෝගයට ස්තූතිය පුද කළේය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.