අංක 27 ආපදා කළමනාකරණ පළමු ප‍්‍රතිචාර පාඨමාලාව නිමාවෙයි

අංක 27  අපදා කළමනාකරණ පළමු ප‍්‍රතිචාර පාඨමාලාවේ සහතික පත‍්‍ර ප‍්‍රදානය කිරීමේ උත්සවය 2019 සැප්තැම්බර් මස 23 වන දින මුලතිවු ගුවන් හමුදා කඳවුරු ආපදා කළමනාකරණ පුහුණු පාසලේදී පැවැත්විණි.

ඉරණමඩු ගුවන් හමදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් යූපීවයිආර් පතිරණ මහතා ප‍්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ආපදා කළමනාකරණ පුහුණු පාසලේ අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් පීඑම්බී පඩහපොල,නිළධාරීන්, සෙසු නිළයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

දින හතලිහක පමණ කාළයක් මුළුල්ලේ පැවැත්වුණු මෙම පාඨමාළාව තුලින් ආපදා සහ උපද්‍රව, ආපදා කළමනාකරණ සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පනත සහ කාර්යභාරය, ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ දළ විශ්ලේෂණය (ඊසීඔ්*, උපද්‍රව සහ අවදානම තක්සේරු කිරීම, ආපදා කළමනාකරණයට අදාළ තොරතුරු තාක්ෂණය සහ රසායනික, ජීව විද්යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික හා පුපුරන ද්‍රව්‍ය (සීබීආර්එන්ඊ) භූගෝලීය තොරතුරු පද්ධතිය (ජීඅයිඑස්), මානුෂීය ආධාර හා ආපදා ප්‍රතිචාර (එච්ඒඩීආර්) සහ ආපදා කළමනාකරණයේ ජාත්‍යන්තර කාර්ය භාරය, ආපදා පෙර සූදානම සැලසුම්, හදිසි ප්‍රතිචාරයට අදාළ සිවිල් නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම, හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය (ඊඔ්සී), හදිසි සැලසුම් සහ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය, ප‍්‍රථමාධාර, තුවාල හා මරණ කළමනාකරණය, ගිනිනිවීම හා බේරා ගැනීම පිළිබඳව හදාරන ලදී.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් 02 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එක් නිලධාරියෙකු, යුධ සහා නාවික හමුදාවන්හි සෙසු නිළයන් 05 දෙනෙකු සහ ගුවන් භටයින් 31 දෙනෙකු ඔවුන්ගේ සහතිකපත් ලබා ගත්හ.

පාඨමාලාවේ දක්‍සතම ශිෂ්‍යයා
ෆ්ලයිං ඔෆිසර් ඩබ්පීකේසීකේ විතාන

සෑම අතින්ම දක්‍ෂතම ශිෂ්‍යයා -  නිළධාරී
කැප්ටන් කේඑම් විජේසිංහ

සෑම අතින්ම දක්‍ෂතම ශිෂ්‍යයා  -  සෙසු නිළ
නායක නැවි වීජීවී සඳනුවන්

දක්‍ෂතම කථිකයා
සැරයන් විපුලසේන බී

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.