62 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි

61 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2019 සැප්තැම්බර් මස 23 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලාවේ ආරම්භක උත්සවය අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස් ඩී ජී එම් සිල්වා  නිළධාරීතුමන්ගේ ආරාධනයෙන් ගුවන් හමුදා පුහුණු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට එක්විය. මෙහිදී ප‍්‍රධාන උපදේශකතුමන් සහ සෙසු උපදේශකවරුන් විසින් ශිෂ්‍ය නිළධාරීන් හට පාඨමාලාවේ වැදගත්කම පිළිබඳව දැනුම්වත් කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නිළධාරීන් 25 නෙකු,  ශ‍්‍රි ලංකා  නාවික හමුදාවේ නිලධාරියෙකු,  බංගලාදේශ ගුවන් හමුදාවේ, ඉන්දීය ගුවන් හමුදාවේ, පාකිස්ථාන ගුවන් හමුදාවේ සහ චීන ජනරජයේ යුධ හමුදා නිළධාරියෙක සති 14 ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව හදාරනු ලබයි. පාඨමාලාව 2019 සැප්තැම්බර් මස 23 සිට  දෙසැම්බර් මස 17 වන දින  දක්වා පැවැත්වේ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.