2019 දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ අවසන් අදියර නිමාවෙයි

2019 වසරේ දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ අවසන් අදියර ”අවදානම් සහිත සටන්” නමින් ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්‍ද‍්‍ර සී. විජේගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2019 සැප්තැම්බර් මස 23 වන දින කුච්චවේලි හිදී පැවැත්විණි. ත‍්‍රවිධ හමුදාධිපතිවරුන්, රාජ්‍ය නිළධාරීන් සහ විදේශ හමුදා නියෝජිතයින් ඇතුළු ආරාධිත අමුත්තන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

කොමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය සහ නාවික හමුදා විශේෂ බෝට්ටු බලඝණය කුඩා කණ්ඩායම් යෙදවීමෙන් කුච්චාවෙලි හි සතුරු කඳවුරු අල්ලා ගනිමින් ඔවුන්ගේ අවසන් ප්‍රහාරය ක්‍රියාත්මක කරන  ලද සමස්ථ මෙහෙයුමේ උච්චතම අවස්ථාව මෙය විය. විදේශ හමුදා නියෝජිතයන්ගේද සහභාගීත්වය ලැබීම තුලින් අභ්‍යාසයට වටිනාකමක් එක්වීම දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පැරෂුට් භට පැනීම්, තුවාලකරුවන් මුදා ගැනීම, ගුවන් ප්‍රහාර සහ මුදවාගැනීමේ මෙහෙයුම් ඇතුළත් ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී. යුධ අභ්‍යාසය පිළිබඳව අදහස් ප‍්‍රකාශ කල ගුවන් හමුදාධිපත එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා, යුධ සූදානමට සහ මෙහෙයුම් සාර්ථකත්වයට ඒකාබද්ධ යුධ අභ්‍යාසයන් අතිශයින් වැදගත් වන බැව් අවධාරණය කළේය. 2019 දියකාවා යුධ අභ්‍යාසයේ ජ්‍යේෂ්ඨ ගුවන් හමුදා සම්බන්ධිකරණ නිළධාරීවරයා ලෙස ගෲප් කැප්ටන් දිනේෂ් ජයවීර කටයුතු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.