අන්තර් ඒකක වොලිබෝ්ල් තරඟාවළිය - 2019

2019 අන්තර් ඒකක වොලිබෝල් තරඟාවළිය 2019 සැප්තැම්බර් මස 26 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී නිමාවට පත්විය. හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු 26 වෙනි රෙජිමේන්තු පක්‍ෂාංගය පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවය දිනාගනු ලැබූ අතර කටුනායක ගුවන් හමුදා කඳවුර සහ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවය දිනාගන්නා ලදී.

ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ඩී රත්නායක මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා වොලිබෝල් සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ආර් එන් තිලක්සිංහ, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්තෘවට සහභාගි වුහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.