ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් ඒකල ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසලේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2019 සැප්තැම්බර් මස 27 වන දින පවත්වන ලදී. කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්ජේආර් පෙරේරා විසින් අණදෙන ලද පරීක්‍ෂණ පෙළපාලිය ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී.

මෙහිදී

බලලත් නිළධාරී ජීඑස්එස්කේ ගුණවර්ධන
බලපන්ති සැරයන් විතානගේ ඊසි
කෝප‍්‍රල් තිසේරා එම්එච්එස්ආර්
කෝප‍්‍රල් ගමගේ ජිජිඑස්එම්
නායක ගුවන් භට ලක්මාල් ඩබ්ඩීපී
නායක ගුවන් භට මංජුල බණ්ඩාර එම්ජීඑස්
නායක ගුවන් භට සඳරුවන් කේජීඑන්

හට ඔවුන් දක්වන ලද සුවිශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කරන ලදී.

පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු උප ආරක්‍ෂක මැදිරිය විවෘත කිරීම සිදු කරන ලද අතර ඒකල වෘත්තීය පුහුණු පාසල් පරිශ‍්‍රයේ සියළු ස්ථාන සිය පරීක්‍ෂණයට ලක් කරන ලදී.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන්  කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශිෂ්ට දායකත්වය අගයමින් සියළු නිළයන්  අමතන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.