මීරිගම ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2019 සැප්තැම්බර් මස 27 වන දින පවත්වන ලදී. වැඩබලන කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ප‍්‍රභාත් දිසානායක විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගනු ලැබූ අතර මාර්ග පෙළ ඛණ්ඩආචාරය මධ්‍යයේ එතුමන් කැඳවාගෙන එන ලදී.

කඳවුරේ ගුවන් කාන්තාවන් වෙනුවෙන් අළුතින් ඉදිකරන ලද ගුවන් කාන්තා නිවස්නය ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කිරීම සිදු කරන ලද අතර මීරිගම ගුවන් හමුදා කඳවුරෙහි සියළු ස්ථාන සිය පරීක්‍ෂණයට ලක් කරන ලදී.

මෙහිදී

බලපන්ති සැරයන් ප‍්‍රසන්න කුමාර එම්ඩබ්ජේ
කෝප‍්‍රල් දිසානායක ඩීඑම්එස්ආර්
බීආර් පීබී අමරසූරිය මහතා

හට ඔවුන් මීරිගම ගුවන් හමුදා කඳවරෙහි සහ ගුවන් ආරක්‍ෂණ අණ හා පාලලලන මධ්‍යස්ථානයේහි සේවය කරමින් දක්වන ලද සුවිශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්කරන ලදී.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන්  කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශිෂ්ට දායකත්වය අගයමින් සියළු නිළයන්  අමතන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.