යුනික් කල්චර්ල් මියුසිකල් එක්ස්ට‍්‍රාවැගන්සා

චීන ජනරජයේ තානාපති කාර්යාලයේ සහ ශ‍්‍රී ලංකා  ගුවන් හමුදාවේ සහයෝගයෙන් චීන සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ඉදිරිපත් කරන ලද ”යුනික් කල්චර්ල් මියුසිකල් එක්ස්ට‍්‍රාවැගන්සා” සංගීත වැඩසටහන 2019 සැප්තැම්බර් මස 29 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී චීන ජාතික ඔපෙරා සහ නර්තන නාට්‍ය රඟහල් වාද්‍ය වෘන්දය සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ප‍්‍රාසාංගික කළා අධ්‍යක්‍ෂකයෙහි සහභාගීත්වයෙන් පවත්වන ලදී.

වාද්‍ය වෘන්දයන් ද්විත්වයම ආවේනික සාම්ප‍්‍රදායික සංගීතය මෙන්ම ජනප‍්‍රිය සංගීතයද අති දක්ෂ අයුරින් ඉදිරිපත් කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් මෙම අවස්ථාවට එක්වූහ. ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් මාර්ෂල් එම්ඩී රත්නායක, ගුවන් ලේකම් එයාර් කොමඩෝර් සේනානායක, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ  අණදෙන නිළධාරීතුමන්, චීන තානාපති කාර්යාලය නියෝජනයකරමින් ධුත පිරිසේ ප‍්‍රධානී වශයෙන් කටයුතු කල චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අද්‍යක්‍ෂක යූ ලිවෙන් මහතා උත්සවයේ ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී විය. නිලධාරීන් සෙසුනියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.