බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා  විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය පසුගිය ඔක්තෝම්බර් මස 02 වන දින සිදුකරන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස් එන් ප‍්‍රනාන්දුපුල්ලේ විසින් මාර්ග පෙළ ඛණ්ඩ ගුවන් හමුදාධිපති උත්තමාචාර මධ්‍යයේ ගුවන් හමුදාධිපතිතුමන් කඳවුර වෙත පිළිගන්නා ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම අංශයන් සිය නිරීක්‍ෂණයට භාජනය කරන ලද අතර පරීක්‍ෂණය අතරතුරදී සිවිල්සේවක ඒ එස් පී විජේතුංග (කම්කරු) හට කඳවුර වෙනුවෙන් සිදුකරන ලද සේවය වෙනුවෙනේ  ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය

පරීක්‍ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන්  කඳවුරේ සියළුම නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතා, පාස්කු ඉරුදින සිදුකල ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් රටෙහි ඇතිවූ තත්වයේදී කඳවුරේ සියළුමදෙනා විසින් සිදුකරන ලද කැපකිරීම අගයකරන ලදී. තවද කටුනායක ගුවන් තෙටුපලෙහි සිදුකරන ආරක්ෂක කටයුතුත් නීති විරෝධී ක‍්‍රියා මැඩලීමට ගන්නා වෑයමත් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය. අනතුරුව කඳවුරේ දියණුව සහ අභිවෘද්ධිය උදෙසා කැපවුණු සියළු දෙනා වෙනුවෙන් සුභ පැතීමද එතුමන් විසින් සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.