ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍යයින් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

අංක 04 ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍යයින් ඊයේ (02)ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී මෙම හමුව සිදු වූ අතර වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මේ අවස්ථාවට එක්වූහ.

ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක පැමිණි පිරිස පිළිගැනීමෙන් අනතුරුව ගුවන් හමුදා ඉතිහාසය, මානූෂීය මෙහෙයුමේ ගුවන් හමුදා ධායකත්වය හා නුදුරු අනාගතයේ ගුවන් හමුදා දැක්ම පිළිබදව දේශනයක් ද ඉදිරිපත් කරන ලදී.

මේජර් ජෙනරාල් එන් ඒ රණසිංහ ඇතුළු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශකයින් 20 ද, යුධ හමුදාව නියෝජනය කරමින් ශිෂ්‍ය නිලධාරීන් 42 ද නාවික හමුදාව හා ගුවන් හමුදාව වෙනුවෙන් පිළිවෙලින් නිළධාරීන් 11 බැගින්ද පැමින සිටි නිලධාරී පිරිස අතර වේ.

කෙටි කාලයක් තුලදී පැවති මෙම පාඨමාලාව සාර්ථකව නිමාකර, අනතුරුව පුරා වසරක් තුල ත්‍රිවිද හමුදා අණ හා මාණ්ඩලික විෂයන් පිළිබදව පුළුල් ලෙස හැදැරීමෙන් අනතුරුව කැලණිය විශ්ව විද්‍යාලයේ පිළිගත් ආරක්ෂක කළමණාකරන උසස් උපාධියකින් ද පිදුම් ලැබීමට නියමිතය.






ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.