ගුවන් හමුදා ගිනිනිවීමේ භටයින්ගේ දායකත්වයෙන් ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ පුහුණුවක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුා ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ ඒකකය විසින් යුධ හමුදා, නාවික හමුදා, පොලිස් සහ කොළඹ ගිනි නිවීමේ හමුදාවේ සහයෝගයෙන් කොළඹ ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ පුහුණුවක් 2019 ඔක්තෝම්බර් මස 04 වන දින පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ප‍්‍රධාන ගිනි නිලධාරී විංග් කමාන්ඩර් ජගත් කුමාර රත්නායක සහ පුහුණු වැඩසටහනෙහි අණදෙන නිළධාරී ස්කොඩ්රන් ලීඩර් ආශීර්වාද ද සිල්වා ඇතුළු ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් 39 දෙනෙකු මෙම ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ පුහුණුව සඳහා සහභාගී වූහ.

ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් විසින් කඹ ආධාරයෙන් ජීවිත ගලවා ගැනීම, හුලං පිරවූ බැලූනය මතට පැනීම ඇතුළු ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ විවිධ උපක‍්‍රම කිහිපයක් නිදර්ශනාත්මකව ඉදිරිපත් කරන ලදී. තවද,ඔවුන් විසින් තමන්ගේ ගිනි නිවීමේ සහ අන්තරායකාරී රසායනික ගිනි නිවීම සඳහා භාවිතා කරන ක‍්‍රමවේද සහ උපකරණ ප‍්‍රදර්ශනය කිරීමද සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.