ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව හා ශී‍්‍ර ලංකා නාවික හමුදාව ඒකාබද්ධව සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙයුමක් සිදු කරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව ඒකාබද්ධව එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමින් (MI 17 trooper version helicopter) සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙයුමක් 2019 ඔක්තෝම්බර් 07 වන දින සිදුකරන ලදී. ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් භාවිතා කරමින් පළමු වරට ශී‍්‍ර ලංකා නාවික නෞකාව වන "පරක‍්‍රමබාහු" සමග කෙරවලපිටිය ප‍්‍රදේශයට බටහිර දෙසින් නාවික සැතපුම් 25 ත් 30ත් අතර මුහුදු සිමාෙවි මෙම සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙයුම සිදුකරන ලදී.

මෙම මෙහෙයුමෙි සම්බන්ධීකරණ කටයුතු අංක 06 බලඝණයේ අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් ඩබ්ලිව් ඩබ්ලිව් එන් ටි පී ප‍්‍රනාන්දු විසින් සිදු කරන ලදි.
ගංවතුරෙන් විපතට පත්වූවන්ගේ හා ධීවරයින්ගේ ජීවිත මුදවා ගැනිම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ජිවිතාරක්ෂක කණ්ඩායම විසින් සෝදිසි කිරිමි හා මුදවා ගැනීමේ මෙහෙයුම් රාශියක් සිදුකර ඇති අතර එ් හැරුණු විට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ නිරීක්ෂණ ගුවන් යානා මගින් දිවි ගලවා ගත් පුද්ගලයන් මුදවා ගැනිම සදහා පහසුකම් සපයන්නේ ද මතුපිට යාත‍්‍රා ඉක්මන් හා නිවැරදි දිශානතිය වෙත යොමු කිරීම් මගිනි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.