කොටි සැගවූ තවත් ආයුද තොගයක් ගුවන් හමුදාව සොයාගනී

බලඝන නායක වජිර සේනාධීර අණදෙන ශ්‍රී ලංකා ගුවන් හමුදා ත්‍රිකෝණමඩු කදවුරේ බුද්ධි අංශ සාමාජිකයන් විසින්,පුතුකුඩුඉරිප්පු,වෙල්ලමුල්ල වයික්කාල් ප්‍රදේශයෙහි සිදුකල සෝදිසි මෙහෙයුම තුලින් එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් විසින් භාවිතා කර වලදා දැමූ අවි ආයුධ රැසක් සොයා ගැනීමට සමත් විය.

රසසිගත ලෙස සගවා තබන ලද ගුවන් යානා නාශක අවි ඇතුළු උන්ඩ රැසක් සොයා ගැනීමට සමත් වූ අතර , මානුෂීය මෙහෙයුම් සමයේ ගුවන් හමුදාව සතු ගුවන් බලය අඩාල කිරීම සදහා යොදා ගන්නට ඇතැයි විශ්වාස කෙරේ.

පුනරුත්ථාපන කදවුරක සිටින හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙක් විසින් ලබා දුන් තොරතුරක් මත නියමු නිලධාරී පී එස් ඩී ඩී රූපසිංහ මෙම ආයුධ තොගය සොයා ගන්නා ලදී.

මෙම ආයුධ තොගය අතර,

මිමී 09 පිස්තෝල  01 යි
මිමී 09 මැගසීන  01 යි
මිමී 09 පතුරම්  07 යි
එල් ටී ටී ඊ විසින් නිෂ්පාදිත බෝම්බ 17 යි
ටී 56 වර්ගයේ පතුරම්   50 යි
මිමි 7.62 ටී 56 වර්ගයේ පතුරම් 3602
මිමි 7.62 එම්.පීඑම්.ජී  වර්ගයේ පතුරම් 2250
මිමි 12.7 ඇක් ඇක් වර්ගයේ ගුවන් යානා නාශක පතුරම්  249
මිමි 23 ටී සූ වර්ගයේ ගුවන් යානා නාශක පතුරම්  08
මිමි 40 එල් 70 වර්ගයේ පතුරම්   06
ඩෙටනේටර් කොඩ් මිමි 10

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.