ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බැඩ්මින්ටන් තරගාවලිය - 2019

2019 අන්තර් ඒකක බැඩ්මින්ටන් තරඟාවළියේ පිරිමි ශූරතාවය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු කන්ඩායම දිනාගත් අතර ගුවන් හමුදා වෘත්තීය පුහුනු පාසල ඒකළ කදවුර එහි අනුශූරතාවය දිනාගන්නා ලදී. තරඟාවලිය 2019 ඔක්තොම්බර් මස 07 වන දින සිට 10 වන දින දක්වා කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. තරඟාවළිය සඳහා සියලු ගුවන් හමුදා කදවුරු නියෝජනය කරමින් තරඟකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරේ නායක ගුවන් භට කෞෂල්‍ය ඩීඑම්එල් හා ගුවන් හමුදා වෘත්තීය පුහුනු පාසල ඒකළ කදවුරේ නායක ගුවන් කාන්තා රත්නායක ඩබ්ලියුඑම්එස්කේ පිළිවලින් පිරිමි හා කාන්තා විවෘත ශූරතාවය දිනාගැනීමට සමත් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා සහභාගී වු අතර ගුවන් හමුදා ක‍්‍රීඩා අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් ඉන්දික වීරරත්න, ගුවන් හමුදා බැඩ්මින්ටන් සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් චරිත් බෝධිසැල්ල, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.