2019 ජාතික වෙඩි තැබිමේ ශූරතාවලියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ඨ දස්කම්

ජාතික ක්‍රීඩා වෙඩි තැබීමේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද රයිෆල් සහ පිස්තෝල වෙඩි තැබීමේ ජාතික ශූරතාවලිය 2019 ඔක්තෝම්බර් 05 සිට ඔක්තෝම්බර් 15 දක්වා ශ්‍රී ලංකා නාවික හමුදා වැලිසර කදවුරේ වෙඩිපිටියේදී  පැවැත්විණි. මෙම ප්‍රධාන ශූරතාවලියට යුද නාවික සහ පොලීසිය ඇතුළු දිවයිනේ වෙඩි තැබීමේ සමාජ 13 ක් නියෝජනය කරමින් වෙඩික්කරුවන් 280 ක් සහභාගී වූහ.

ශූරතාවලියේදී ගුවන් හමුදා වෙඩික්කරුවන් රන් පදක්කම් 1ක් රිදී පදක්කම් 1ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගත් අතර මීටර් 10 එයාර් රයිෆල් පිරිමි තනි ඉසව්වෙන් නායක ගුවන් භට මධුෂංක ඩබ්ලිව්ජීඩී ජාතික වාර්තාවක් පිහිටවීමට සමත් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.