ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ඒකාබද්ධ අභ්‍යාසයක් 'සිඳුරළ' නෞකාවෙදී පවත්වයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධව ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමින් නාවික හමුදා 'සිඳුරළ' නෞකාව මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් 2019 ඔක්තෝබර් 20 වන දින ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම හෙලිකොප්ටර් ගොඩබෑටම් අභ්‍යාසය ති‍්‍රකුණාමළය වරායේ අෂ්රොෆ් ජැටියේදී පවත්වන ලදී. ගෲප් කැප්ටන් ආර්ඒඩීටීඑම් වීරරත්න සහ විංග් කමාන්ඩර් චීඩීඑස්එස් ගුනවර්ධන විසින් මෙම මෙහෙයුමෙහි සම්බන්ධිකරණ කටයුතු සිදු කරන ලදී. මුහුදේ ගමන් කරමින් පවතින නෞකාවකට හෙලිකොප්ටරයක් ගොඩබෑම අභියෝගාත්මක කාර්යයක් බැවින් එවන් අවස්ථාවක හෙලිකොප්ටර් යානාවක් සුරෂිතව ගොඩබෑම සහ එම කාර්යයේ කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කිරීම මෙම අභ්‍යාසයේ මූලික පරමාර්ථය විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.