කාන්තා අයිතිවාසිකම් හා නීති මාලාව පිළිබඳ දැනුවත් කිරීෙම 5 වන වැඩසටහන

ශි‍්‍ර ලංකා ගුවන් හමුදා නිති අංශය හා ගුවන් කාන්තා පක්ෂාංගය විසින් එකාබද්ධව මෙහෙයවන ලද කාන්තා අයිතිවාසිකම් හා නීති මාලාව පිළිබඳ දැනුවත් කිරීෙම පස්වන වැඩසටහන 2019 ඔක්තෝබර් මස 18 වන දින හිඟුරක්ගොඩ ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මූලික කඳවුරේ දී පැවැත්විණි.

මෙම වැඩමුළුව සදහා හිඟුරක්ගොඩ, වව්නියාව,අනුරාධපුරය සහ සීගිරිය ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් කාන්තා නිළධාරිනියන් සහ ගුවන් කාන්තාවන් 120 කට අධික පිරිසක් සහභාගි  වූහ. ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා හිංසනය වැළැක්වීමේ කාර්යාංශයේ අධ්‍යක්‍ෂක නියෝජනය කරමින් සහකාර පොලිස් අධිකාරි බිම්ෂානි ජයසිංහආරච්චි මහත්මිය ආරාධිත දේශකයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූවාය. මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළේ කාන්තා පක්ෂාංගයේ මාණ්ඩලික නිලධාරී  විංග් කමාන්ඩර් ඊඑම්සීජී ඒකනායක විසිනි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.