2019 කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණය සාර්ථකව අවසන් කෙරේ

2019 කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණයේ දෙවන සහ අවසන් දිනය 2019 ඔක්තෝම්බර් මස 25 වන දින රත්මලාන අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී අති සාර්ථකව නිමාවට පත්විය.

යන තේමාව පෙරදැරිව පවත්වනු ලබන කොලඹ ගුවනු සම්මන්ත‍්‍රණයේ දෙවන දිනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ ප‍්‍රදානත්වයෙන් ආරම්භ කෙරිණි.

දෙවන දිනයේ සැසිවාර දෙක අතරතුරදී කථිකයින් සිව්දෙනෙක් විසින් සිය ඉදිරිපත් කිරීම් සහ ප‍්‍රශ්න සඳහා පිළිතුරු සැපයීම සිදු කරන ලදී. දිනයේ පළමු සැසිය ”අභිරුචි ප‍්‍රචාරණය” යන මාතෘකාව යටතේ ආචාර්ය හරින්ද විදානගේ මහතා විසින් මෙහෙයවන ලදී. දෙවන දිනයේ දෙවන සැසිය ”ගුවන් රාජ්‍ය තාන්ත්‍රිකභාවය පෝෂණය කිරීම” යන මාතෘකාව යටතේ මහාචාර්ය සානු කයිනිකාර මහතා විසින් මෙහෙයවන ලදී. දිනයේ පළමු සැසියේ කථිකයින් වශයෙන් ඩබ්එම්කේඑස්පී වීරසිංහ සහ මේජර් ජෙනරාල් පීආර් වනිගසූරිය කටයුතු කරන ලද අතර දිනයේ දෙවන සහ කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණයේ අවසන් සැසියේ කථිකයින් වශයෙන් ජෝර්ජ් අයි එච් කුක් මහතා සහ කර්නල් ඒ වැලෙන්ටිනෝවිච් මහතා කටයුතු කරන ලදී.

සාරාංශ වශයෙන් 2019 කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණයේදී විද්වත් කථිකයින් 12 දෙනෙකු විසින් සිය පර්යේෂන වාර්ථා ඉදිරිපත් කරන ලදී.

පාකිස්ථාන ගුවන් හමුදාවේ උතුරු ගුවන් විධානයේ ගුවන් මූලස්ථනෙ අණදෙන නිළධාරී එයාර් වියිස් මාර්ෂල් අබ්දුල් මොයීඩ් ඛාන් විසින් අවසාන දේශනය ඉදිරිපත් කරන ලදී. සියළුම සැසි වාරයන් අවසන් වීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුංමගල ඩයස් මහතා විසින් සියළුම කථිකයින් සහ සැසිවාර මෙහෙයවූ නියෝජිතයින් හට සහතික පත‍්‍ර සහ සමරු තිළිණ ප‍්‍රදානය කරන ලදී.

දින දෙකක් පුරා පැවති සම්මන්ත‍්‍රණයේ සම්මන්ත‍්‍රණ ස්තුති කථාව කමිටු සභාපති එයාර් කොමඩෝර් උදේනි රාජපක්‍ෂ විසින් අවසන් දින සන්ධ්‍යාවේදී සිදු කිරීමත් සමග 2019 කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණයේ නිමාව සනිටහන් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.