දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල 2019 ඔක්තෝම්බර් මස 28 වන දින සිය පරීක්‍ෂණයට බාජනය කරන ලදී. කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් චමින්ද වික්‍රමරත්න විසින් අණදෙන ලද පරීක්‍ෂණ පෙළපාලිය ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී. එහිදී

කෝප්‍රල් විජේසිංහ එස්ඩීඑස්
කෝප්‍රල් මුනසිංහ ඩබ්ලිව්පීබීකේ
ආර්එම් රත්නපාල
හට දක්වන ලද සුවිශිෂ්ට දායකත්වය වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක් කරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් පුහුණු පාසල් පරිශ‍්‍රය සිය පරීක්‍ෂණයට භාජනය කල අතර පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය සඳහා  කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශීෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන් අමතන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.