අන්තර් ඒකක ස්කොෂ් තරඟාවළියේ ජය කොළඹ කඳවුරට

කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර විසින් 2019 ගුවන් හමුදා අන්තර් ඒකක ස්කොෂ් තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට පසුගියදා සමත් විය. තරඟාවළිය 2019 ඔක්තෝම්බර් මස 28 වෙනි දින රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක‍්‍රීඩා සංකීර්ණයේදී පවත්වන ලදී. රත්මලාන ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණ පක්‍ෂාංගය අනුශූරතාවය දිනා ගන්නා ලදී.

එයාර් කොමඩෝර් එච්යූ විජයවීර  ගෲප් කැප්ටන් ඩීආර්ඩබ් ජයවර්ධන වින්ග් කමාන්ඩර් එල්එම්සීබී නිෂ්ශංක බලපන්ති සැරයන් සිල්වා ඩීසීඒ කෝප‍්‍රල් වීරසිංහ ඩබ්ලියුඩීසීපීකේ සහ නායක ගුවන් භට ගුණරත්න ඒපීබිඑස්එස් ජයග‍්‍රාහී කොළඹ කඳවුරු කණ්ඩායම නියෝජනය කරන ලදී.

ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම්ඩී රත්නායක මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් අයිකේ වීරරත්න, ගුවන් හමුදා ස්කොෂ් සංචිත සභාපති එයාර් කොමඩෝර් එස්ඩී කොටගේ ,නිලධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

පිරිමි අවු 35 ට වැඩි පිරිමි අවු 45 ට වැඩි විවෘත පිරිමි ආධුනික පිරිමි සහ විවෘත කාන්තා වහයෙන් අංශ පහක් යටතේ තරඟාවළිය පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.