රණවිරු අනුස්මරණ ක‍්‍රිස්තියානි ආගමික පුජොත්සවය - 2019

ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ ක‍්‍රිස්තියානි ආගමික පුජොත්සවය 2019 ඔක්තොම්බර් මස 29 වන දින සවස බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේදී ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙහිදි සියළුම ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් එම කඳවුරු වල ධජයන් පූජාසනය වෙත රැුගෙන ආශිර්වාද ගන්වන ලදි. අනතුරුව මාතෘභුමියේ ඒකීය භාවය වෙනුවෙන් තම ජීවිතය පූජා කරන ලද ගුවන් හමුදා විරුවන්ගේ නම් ඇතුළත් ලේඛනයක් විදහා දක්වමින් ඔවුන්ට ආශිර්වාද කිරීමද සිදු කරන ලදී.

මෙම අවස්ථා සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මිය, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුලු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, නිළධාරීන්, සෙසු නිළයන්, සිවිල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සහ දේශයේ උන්නතිය වෙනුවෙන් දිවිපිදූ ගුවන් විරුවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් පිරිසක්ද සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.