කොළඹ ගුවන් හමුදා රෝහළ මගින් සුවනාරී වෛද්‍ය සායනයක්

කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහල මගින් පසුගිය නොවැම්බර් මස 1 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහලේදී ගුවන් කාන්තාවන්, ගුවන් හමුදා සාමාජිකයින්ගේ  බිරින්දෑවරුන් සහ ගුවන් හමුදාවේ සිවිල් සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාලය සමඟ එක්ව සුවනාරී කාන්තා සායනයක් පවත්වන ලදි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුමන්ගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද මෙම වැඩසටහන සේවා පුද්ගලයන්ගේ, සිවිල් සේවා සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සෞඛ්‍ය තත්වය ඉහළ නැංවීම අරමුණු කර ගෙන පවත්වනු ලබන අතර සායනයේ මූලික පරමාර්ථය වනුයේ ගුවන් හමුදා සාමාජිකයින්ගේ පවුල්වල නාරිවේද සෞඛ්‍ය තත්වය නංවාලීම සඳහා විශේෂිත උපදේශන ලබා දීමයි.

රෝග ලක්ෂණ නොමැති නමුත් කාන්තාවන්ගේ සෞඛ්‍ය පරීක්ෂාවකට කැමති අයවලුන් සඳහා මෙම සේවාව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාලයේ සහ ගුවන් හමුදා පළපුරුදු කාන්තා සෞඛ්‍ය හෙදියන් විසින් සපයනු ලැබේ.

රෝහල් අණදෙන නිලධාරී  ගෲප් කැප්ටන් පීඒවී පද්මපෙරුම මහතා, ප්‍රජා උපදේශක වෛද්‍යවරයකු වන වින්ග් කමාන්ඩර් ආර් බුසෝ, ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (එම්ඕඑච්) වෛද්‍ය ඩී හෙත්තිලගේ, විශේෂඥ වෛද්‍ය සිසිර කොස්තා සහ විශේෂඥ වෛද්‍ය එල්ජේ ජයවීර යන  මහත්ම මහත්මීන් යටතේ මෙම වැඩසටහනේ අධීක්ෂණ කටයුතු සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.