වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල සිය 07 වන සංවත්සරය සමරයි

වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල සිය 07 වන සංවත්සරය පසුගිය 2019 නොවැම්බර් මස 05 වන දින සමරන ලදී. අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් කේකේඒකේ කළුආරච්චිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ගේ සහභාගීත්වයෙන් සමාජ සත්කාරක වැඩසටහන් සහ විනෝදාත්මක වැඩසටහන් මාලාවක් සංවත්සරය වෙනුවෙන් ක‍්‍රියාත්මක කරන ලදී.

සංවත්සර දින සැමරුම සංවත්සර පෙළපාලිය සමගින් ආරම්භ කරන ලද අතර පෙළපාලිය නිරීක්‍ෂණය අණදෙන නිළධාරීතුමන් විසින් සිදු කරන ලදී. අනතුරුව රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වා රණවිරුවන් සිහිකිරීමක් සිදුකල අතර පුරවාසකුලම් ප්‍රාදේශීය රෝහලේ සහ මඩුක්කුලම් නවජෝති විද්‍යාලයේ ශ‍්‍රමදාන වැඩසටහනක් ද නොවැම්බර් 03 හා ඔක්තෝම්බර් මස 28 දිනයන්හිදී පවත්වන ලදී.
 
තවද මේ හා සමගාමීව වොලිබෝල් තරඟාවළියක් පවත්වන ලද අතර සියළුම නිළයන් සඳහා දිවා භෝජන සංග‍්‍රහයක්ද පවත්වන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.