කටුනායක කදවුරේ ගුවන්යානා උපකරණ සැපයුම් ඩිපෝව සිය 23 වන සංවත්සරය සමරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් යානා උපකරණ සැපයුම් ඩිපෝව සිය 23 වන සංවත්සරය පසුගිය නොවැම්බර් මස 11 වන දින සමරනු ලැබීය.සංවත්සර දිනය වෙනුවෙන් අණදෙන නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන ලද ප්‍රජා සේවා ව්‍යාපෘති සදහා සියලුම නිලධාරීන් ,අනෙකුත් නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගී විය.

සංවත්සරය දිනය ආරම්භ කරමින් පැවති උදෑසන වැඩ පෙළපාළිය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් දීපාල් මුණසිංහ මහතා විසින් නිරීක්ෂනය කරන ලදි. සැමරුමට සමගාමීව ඩිපෝ පරිශ්‍රයේ ගස් සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.